නිවන, නිවන් දැකීම, නිවන් අවබොධ කිරීම,
ලෝක වාසී සෑම සත්වයෙක්ම සොයන්නේ සැපවිදිමටයි. එබැවින් ජිවිතය යනු සැප විදිමට දරන උත්සාහයකි. මේ නිසා සියල්ලෝම උපන්දා සිට මරණය තෙක්ම අත්නොහැර උත්සාහ වත් වන්නේ සැප විදිම අරමුනු කර ගෙනමය. මොහොතක් සිතන්න. සැප සොයා දරණ මෙ උත්සාහයේ උපරිමයට පැමිණ අවසන් කල කෙනෙක් ගැන අසා ඇත්ද? මෙසේ සැපතෙහි උපරිමයට පැමිණ උත්සාහය අත්හල කෙනෙක් පිළිබදව සාමාන්‍ය ලෝවාසී සත්වයන් අතර අසන්නට ලැබෙන්නේ නැත.
සක්විති රජ සැප යනු මෙලොව විදිය හැකි උපරිම සැප වින්දනය කිරිමයි. සක්‍ර දෙවි පදවිය යනු දෙව්ලොව උපරිම සැප වින්දනය කල හැකි උතුම් පදවියයි. මහ බඹු, බඹලොව අග පදවියයි. එනමුත් මෙසා ඉහල සැප වින්දනය කල අය පවා තිරිසන් අපායේ හො නිරයේ දුක් විදිය හැකි බව බුදු පියානන් වහන්සේ ශ්‍රී මුඛ දේශනාවෙහි සදහන් කොට ඇත. මේ පිළිබඳ උදාහරනයක් දක්වතොත් දිනක් බුදු පියානන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පුරන් වු වෙල්යායක සිටින මී ගව රැලක් දක්වා කියනුයේ ආනන්ද, අර සිටින මී ගව රැල දෙස බලන්න, මෙහි එකදු මි ගවයෙකුවත් සක්විති පදවි, සක්දෙව් පදවි හෝ මහ බඹු පදවි නොලැබු වෙක් නැත.
මෙනයින් බලන කල සැප විදිමට දරන උත්සාහය යනු හුදු මායාවක්, මුලාවක් මිස එහි අන් කිසිවක් නැති බව වැටහෙනු ඇත.
එක් සත්වයෙකු මේ සසරේ මව හෝ පියා මළ සොවින් පමනක් හෙළු කදුලු මහා සාගරයේ ජලයටත් වඩා වැඩි බව බුදු පියානන් වහන්සේ තවත් විටෙක පවසා ඇත. එවිට ඔබට වැටෙහෙනු ඇත, මේ සංසාරය කෙතරම් දිගු එකක් ද කියා. සක්‍රයා පවා මි හරකෙක්ව ඉපදුනා නම් මෙ සසරේ විඳිය හැකි සැප අර්ථවත් යැයි සිතිය හැකිද? එසේ සිතන්නේ නම් ඒ මෝහය හෙවත් මුලාව මිස අන් කවරක්ද? එසේ නම් සැප විඳිමට යැයි සිතා අප ගන්නා උත්සාහය අර්ථවත් එකක්යැයි සිතිය හැකිද?
එසේනම් කල යුත්තේ කුමක්ද? මේ දුක්ඛිත සසර පිටු දැකීම නොවේද? එය හෙටට කල් දැමිය හැකිද? හෙට කියා දිනක් අපට උදාවිය හැකිද? මේ දුක්ඛිත සසරේ උපන් සැමගේ ඒකායන අරමුන විය යුත්තේ දුකින් මිදිමම නේද? මෙය අපට අදම කල හැකිද? ඉතා අසරන සෝපාකට, සුනීතට කල් නොයවා මෙය කල හැකි උනි නම් ඇයි අපට බැරි? ඉතා දරුනු අංගුලිමාලට, ආලවක යකුට පවා කල හැකි වු දෙය අපට නොහැකි වේද? අම්බපාලි වැනි ගනිකාවකට හැකි දේ අපට නොහැකිද?මෙහෙකාරියක වු රජ්ජුමාලාවන් ට හැකි වුවානම් අපට බැරි ඇයි? මව පියා තම ආදරනිය ස්වාමියා පමණක් ද සුරතල් දරු දෙදෙනාද අහිමිව ඇඳි වත පවා නැතිව අසිහියෙන් සිටි පටාචාරා වෝ දැකගත් නිවන අපිත් අදම දැකිය යුතුම නේද?
එසේ නිවන අදම දකින්න පුළුවන්ද?
ඇයි අපි මේ දුක්ඛිත සසර සැරි සරන්නේ යන කාරනය හොඳින් දැක ගත හැකි වු කල නිවන දැකීම අසීරු නොවේ. අවිද්‍යාව හෙවත් නොදැනිම යි සසරට හේතුව. සසර දිගින් දිගට යාමට උදවුවන දැ සිදුකිරිම නිසාවෙනුයි අප සසර ගමනක වැතිර සිටින්නේ. එය නිවැරදිව දැක දැන. එය වලක්වාලිය හැකි හැම කෙකුටම නිවන දැකිම අසීරු වන්නේ නැත. පව් සිදු කිරීමත්, පින් කිරීමත් යන දෙකම සසරටම හේතුවේ. ගෞතම මුනිඳු මෙලොව බිහිවිමට ප්‍රථමයෙනුත් ලෝවැසියන් අෂ්ඨාංග සිලය වැනි සිලයන්හි පිහිටා පින් සිදු කල බව ප්‍රකට කාරනයකි. එසේනම් පින් කරන්න කියා දෙන්න බුදුවරයෙකු අවැසි නොවේ. බුද්ධ දේශනය සසරින් මිදීමම අරමුනුකරගත් එකකි.
ලොකය ආශාවන්ගෙන් පිරුනාවු ස්ථායක් නොවේ. ඇස, කන, නාසය වැනි ඉඳුරන්ට ගොදුරුවන අරමුනු ඔස්සේ සිත පෙර දැන හඳුනා ගත්තාවු ගති පරුදු නිසාම ආශාවෙන් බැඳීමත් තරහෙන් ගැටීමත් ඇතිකර ගනී.
බැඳීමත් ගැටීමත් යන දෙකම තන්හාව මුල් කරගත් සිතිවිලිම වේ. මේ පෙර ගති පුරුදු නිසාම අපි ඇලීමත් ගැටීමත් ඇති කර ගනිමින් සසර ගමනකට වැටී දුක් විඳින බව ප්‍රඥාවෙන් දුටු කල්හි සසර ගමන නතර කිරීමේ මගට පැමිනිය හැක.
තමන්ගේ සිතිවිලි දෙස ප්‍රඥාවෙන් බලමින් ඇලෙන ගැටෙන ගති පුරුදු හඳුනා ගෙන ඉන් මිදීමෙන් නිවන දැකිය හැකි වනු ඇත.
අප්‍රමාදිව නිවන දැකීමට ඔබට ප්‍රඥා ආලෝකය දැල් වේවා.
තෙරුවන් සරනයි.
ජයසිරි
The Bodusisila 2 new site is also the same owner of the bodusisila previous one. vjsir is the admin for this site also.The contains of this blog is full of Buddhist Teaching. It will promote your life style in good manner. Thank you for visiting bodusisila 2 new site.
Monday, July 31, 2017
Thursday, July 27, 2017
හේතු ඵල
නිවන සදහාම වන උතුම් නිර්මල බුද්ධ ධර්මය.
Wednesday, July 26, 2017
මාර්ග ඵලයක් ලැබිම උදෙසා කලණ මිතුරෙකු ඉදිරිපිටදීම ධර්මය ශ්‍රවණය කල යුතුමද?
මේ උතුම් නිවන් මග දේශනාව ඔබට මේ දුක් සහිත වු සසරින් එතෙර විමට හේතු වනවා ඇත.
Wednesday, July 5, 2017
Subscribe to:
Posts (Atom)