The Bodusisila 2 new site is also the same owner of the bodusisila previous one. vjsir is the admin for this site also.The contains of this blog is full of Buddhist Teaching. It will promote your life style in good manner. Thank you for visiting bodusisila 2 new site.
Wednesday, December 28, 2016
Sunday, December 4, 2016
Thursday, October 27, 2016
බුදු දහම නිවැරදිව හදුනා ගනිමු.
කවුරුන් විශ්වාස කළත්, කවුරුන් විශ්වාස නොකලත්, කවුරුන් පිළිගත්තත්, කවුරුන් පිළි නොගත්තත්, බුද්ධ ධර්මය ලෝකයාගේ භාවිතයේ පැවතුනත්, භාවිතයේ නොපැවතුනත් උතුම් බුද්ධ දේශනාවෙන් පෙන්වා වදාළ පරම සත්‍යයන්, ධර්මතාවයන්, නියාම ධර්මයන් ජීවත් වන හැම සත්වයෙකුටම, හැම ප්‍රාණියෙකුටම, හැම මොහොතක් පාසාම නියත වශයෙන්ම ප්‍රතිවිපාක උරුම කර දෙන්නා වූත් සදාතනික වූත් නියත ධර්මතාවයන්ය. තමන් විසින් කරන ලද හොඳ හෝ නරක හෝ දේ ඊට අනුරූපවම ඒ මොහොතේ පටන්ම තමන් කරාම ආපසු ප්‍රතිවිපාක ලෙසින් උරුම වන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු දෙයක් නොවේ. මුළු මහත් මිනිස් වර්ගයාටම පොදුවේ දේශණා කර පෙන්වා වදාළ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමෙන් තොරව නම්, මේ පරම සත්‍යයන් තෙරුම් ගත නොහැකිය.
බුද්ධ ධර්මය දේශණා කර බුදු පියාණන් ලෝකයාට පෙන්වා වදාළ විමුක්ති මාර්ගය ඉතාම සරළ, පැහැදිලි ප්‍රතිපත්ති මාර්ගයකි. සෘද්ධි ප්‍රාතිහාරයයන් මවා පා, මැජික් සංදර්ශණ පවත්වා මිනිසුන්ව මුළා කරමින් මිනිසුන්ගේ සිතේ ලෞකික බලාපොරොත්තු උත්පාදයන කරවමින්, බුද්ධ ධර්ම මාර්ගයට මිනිසුන් හරවා ගැනීමේ හෝ බඳවා ගැනීමේ ක්‍රමයක් බුදු පියාණන් කිසිවිටෙකත් අනුගමනය කළේ නැත. බොහෝ ආගම්වල නම්, මේවැනි ළාමක දේ ක්‍රියාත්මක කරනු බව අදටත් දැකගත හැකිය.
බුදු පියාණන්වහන්සේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශණා කර වදාළේ සදාකාලිකව සැප සම්පත් විඳින දෙවියන්, බ්‍රහ්මයන් සමූහයක් බිහි කරන්නට හෝ ධනවත්, බලවත්, නැණවත්, මිනිසුන් සහිත ලෝකයක් ඇති කරන්නට හෝ නොවේ. දුක් විඳින දිළිදන්ට සැප සම්පත් ලබා ගන්නට මඟ පෙන්වා ඔවුන් සනසාලන්නටද නොවේ. මේ උතුම් ධර්මය එවන් මතු ලබන සැප සම්පත් ගැන බලාපොරොත්තු ඇති කරවා රාගයෙන්, මෝහයෙන් මිනිසුන් මුළා කරවන්නට දේශණා කල එකක් නොව, මිනිසත් බව ලැබූ මේ ආතමයේදීම ලබාගත හැකි, ලබා ගතයුතු විමුක්තිය, නිදහස නිවන ලබා දීමට මග පෙන්වීම සඳහාම ඉදිරිපත් කල ධර්මයකි. ලෞකික සැප සම්පත් යනු බිලී කොක්කක ඇමුණූ ඇමක්, මිරිඟුවක් මිස නියත වශයෙන් ඇති දෙයක් නොවන බව පෙන්වා දුන් දහමකි.
මිනිසෙකු ලෙස උපත ලත් මේ ආත්මභවයේදීත් පින්කම් පමනක්ම කරමින්, මතු සැප සම්පත් පතමින්, යැදුම් යදිමින් කාලය අපතේ යෑවීම තව කල්ප කාලාන්තරයක් සංසාර දුකම උරුම වීමට පමනක් හේතු වේ. සියලුම ආගම්වල උත්සහය හොද, නිවැරදි යහපත් මිනිසුන් සමුහයක් සාමජයට බිහි කිරීමයි. අප එය අගය කල යුතුය. පරම පවිත්‍ර බුද්ධ ධර්මය ලෝකයාට ඉදිරිපත් කලේ අනන්ත දුක් කන්දරාවක් විදිමින් පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරයේ අතරමං වී, මංමුලා වී ගමන් කරන පෘතක්ජන ලෝකයාට සදහටම දුකින් මිදෙන්නට නිවැරදි මග පෙන්වා දෙනු සදහාය.
Tuesday, October 25, 2016
Thursday, August 18, 2016
Wednesday, June 22, 2016
නිවන ඔබ ලගම ඇත
ඒ උත්තම නිර්වාණය ලගම ඇත . ඇතක නොවේ .
නිවන පිලිබදව සරලව සිතන්න. ඇයි අප නිවන්
දැකිය යුත්තේ?
මෙහිදී අපි
පැහැදිලි කර ගත යුතු කරුණ වන්නේ සසරේ කෙතෙක් දිග දුර අප ගෙවා ඇත්ද යන කාරණයයි.
සුළු නිදසුනක් ලෙස බුදුපියාණන් වහන්සේ එක අවස්තාවක ආනන්ද හිමියන් අමතා ගොවිබිමක
සැරිසරන සියගනනක්වූ මි හරකුන් දක්වා කියනුයේ ආනන්ද අර පෙනෙන මි හරකුන් දෙස බලන්න.
මේ මි හරක් සමුහයේ සක්විති රජ පදවිය, සක්දෙව් පදවිය හා මහා බඹු පදවීය නොදැරූ
එකදු මි හර්කෙකුත් නැත. බුදු පියාණන් වහන්සේගේ මේ දෙසනය තුලින් අපට පැහැදිලි වන්නේ
සංසාරය කෙතෙරම් දිගු එකක්ද යන්නත් සැප විදීමටයි සිතා අප ගන්නා උත්සාහය කෙතෙරම් නම්
නිෂ්පල අනර්ථ කාරී එකක් ද කියාත්ය. ලෝකයේ අප සැපයයි සිතා සිටින සියල්ල අප සිතන
පරිදිම වන්නේ නැත. එබවින් පවතින සියල්ල අනිච්ච (තමන් කැමති පරිදි පවතින්නේ නැති)
ස්වබාවයෙන් යුක්තය. එබැවින් සියල්ල දුකම ඇති කරන්නේය. එබැවින් මේ කිසිවක අර්ථයක්
දැකිය හැකි නොවේ සියල්ල අනත්ත ලක්ෂණයෙන් යුක්ත වන්නේය. ජීවිතය පිළිබද මේ ත්‍රිලක්ෂණය
යමෙක් හොදින් දකින්නට සමත් වේ නම් හෙතෙම සියලු දුකින් නිදහස් වූ උතුම් නිවන දකිනු
ඇත.
Tuesday, June 21, 2016
Monday, May 30, 2016
Wednesday, May 11, 2016
ත්රිලක්ෂණ
ත්‍රිලක්‍ෂණ
අනිච්ච,දුක්ඛ, අනාත්ම, බුදු පියාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය පදනම ලෙස හැඳින්විය හැක්කේ මේ ත්‍රිලක්ෂණ ස්වභාවයයි.
අනිච්ච
යනු ඉච්ච ලෙස හෙවත් තමන් කැමති ලෙස පවතින්නේ නැත යන අදහසයි. නිවැරදි වචන වන්නේ අනිත්‍ය නොව අනිච්ච යන්නයි .
එහි අදහස වන්නේ තමන් කැමැති ලෙස ම පවතින්නේ නැත යන අදහසයි.
දුක්ඛ
කැමති ලෙස නොපවතින විට ඇතිවන්නේ දුකක් මිස සැපක් සතුටක් නොවන බව පැහැදිලි නේද? සැප යනු මුලාවක් මිස පවතින ඇත්තක් නොවන බව නුවනින් විමසා බලන විට පැහැදිලි නොවන්නනේද? ලස්සන රුපයක් දෙස කොපමණ වෙලාවක් ආසාවෙන් බලාසිටිය හැකිද . සැලකියයුතු වෙලාවක් එක දිගට බලලා සිටිය හොත් එය එපානොවන්නේද ? සැප යන සියල්ලෙහි ඇත්තේ මේ අනිච්ච ලක්ෂණය වන අතර මෝහය නිසාම සැප ලෙස දකින බව පැහැදිලි නැද්ද?
බුදුන් වහන්සේ ලෝකයට දෙසනා කලේ සසරේ දිගින් දිගට සැප විඳිමින් යන ධර්මතාවයක් ගැන නොව එයින් ගැලවෙන මග පිළිබඳවයි බුදු දහම අවශ්‍ය වන්නේ සසරින් ගැලවීම අපේක්ෂා කරන අය ට මිස සැප විඳීමට ආශා කරන්නන්ට නොවන බව පැහැදිලිව දත යුතුයි
අනත්ථ
අනිච්ච වන නිසාම දුක්ඛ වන බැවින් නිවනින් තොර වූ කල්හි සත්වයා අනාථ වනනිසා අවසාන ලක්ෂණය අනත්ථ ලෙස බුදුපියාණන් වහන්සේ දේශනා කල සේක.
අනාත්ම යන්නෙන් පැහැදිලි වන්නේ තමා කැමති ලෙස නොපවතින හා අනවරතයෙන්ම දුකම හිමකර දෙන ලක්ෂණය ආත්ම''''' නොවන බවයි.
Thursday, May 5, 2016
Tuesday, May 3, 2016
Ven Iguruwatte Dhamma Gavesi Thero නිවන දකිමු
නිවන දැකීම පිලිබඳ ඉතා නිවැරදි පැහැදිලි කිරීමක්
තෙරුන් වහන්සේට නිදුක් නිරෝගී බාවයත් තිර ජීවනයත් ප්‍රාර්ථනා කරමු .
Sunday, April 3, 2016
නිවන
නිවණ (නිර්වාණය) යනු බෞද්ධයන් විසින් බලාපොරොත්තුවන උසස්ම ධර්මතාවයි. පුද්ගලයෙකු රාගය, ද්වේෂය සහ මෝහය ක්‍ෂය කිරීම නිර්වාණය වේ. යමෙක් බාහිර වස්තුන් පිලිබඳ ඇල්මක් ඇතිකර ගනීද , නොඑසේනම් බාහිර වස්තුන් සමග ගැටීමකට යොමුවේද හෙතෙම නිවන නොදකියි. බවයටම පිවිසෙයි. සසර ගමන දිගුකර ගනී. නිවන පිළිබඳව කියැවෙන ඕනෑම ත්‍රිපිටක දෙසනාවකින් මේ බව තහවුරුකර ගත හැක. පස්කම් සැපයට ඇති ඇල්ම ආශාව හා බැඳීම රාගය ලෙස හැඳින්විය හැක. ඇස, කණ, නාසය , දිව , ශරීරය සහ මනස යන මේ ඉන්ද්‍රියයන් තුල නිරන්තරයෙන්ම ඇතිවන්නාවූ හා පවතින්නාවූ රුප, ශබ්ද, ගඳ, රස, ස්පර්ශ, සහ අරමුණු පිලිබඳ දැඩිව අල්වාගැනීමේ කැමැත්ත ඒවා නැවත නැවත ලබා ගැනීමට දක්වන බලවත් උනන්දුව කාම රාගය හෙවත් කාමච්චන්දය ලෙස හැඳින්විය හැක. තමා නොකැමැති දෙයට නොඑසේනම් විරුද්ද දෙයට හෝ කෙනාට දක්වන නොකැමැත්ත හෙවත් තරහව ද්වේශය ලෙස දැක්විය හැක.ඇතැම් විටෙක මෙය තමා තමා කෙරෙහිම වුවද ඇතිකරගන්නා අවස්ථා ඇත. ද්වේශය ඇතිවන්නේද තමා තුල පවතින්නාවූ තන්හාව මුල්කරගනමය.
මෝහය හෙවත් මුලාව නම් සත්‍යය නොදකිම සහ දහමට පටහැනි මාර්ග තුලින් මෝක්ෂය හෝ සැනසීම අපේක්ෂා කිරීම වේ. සුනක, ගව , වැනි වෘත සමාදානය තුලින් හෝ දේව විශ්වාස තුලින් සදාකාලිකවූ සැනසීම ප්‍රාර්ථනා කිරීම මෝහය හෙවත මුලාව වේ. මේ ක්ලේශ දර්ම සිත්හි තදින් පවතින තාක් කල් සත්වයා සසර ඉපදෙමින් මැරෙමින් භව ගමන දිගු කර ගනී. ඉදින් යමෙක් මේ ක්ලේශ ධර්ම ප්‍රහාණය කරයිද හෙතෙම උතුම්වූ නිවන' 'අවබෝධකර ගනී.
නිවන් අවබෝධකර ගැනීමට කැමති තැනැත්තේ තමා ප්‍රථමයෙන් මේ සංසාරය දුකක් ය යන නිවැරදි දැක්මට පැමිණිය යුතුය. නොඑසේනම් නිවනක අවශ්‍ය තාවය හෙතෙම නොදකී. අප තිලොවග බුදුපියාණන් වහන්සේ සුමේධ තාපසව සිටියදී නිවන් දැකීමේ සමත් ප්‍රඥාව ඇතිව සිටි නමුත් සියලු ලෝක සත්වයා කෙරෙහි පතලාවූ අප්රමාණ දයා කරුණාව හේතුවෙන් බුද්දත්වය ලැබීමට අදිටන් කොට නියත විවරණ ඉල්විය. එතැන් පටන් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය දක්වා එතුමෝ ඇස් ඉස් මස් ලේ පමණක් නොව සරීරය පවා දන්දෙමින් අප්රමාණ දුක් විඳිමින් බුදුබව පතා පැමිණියාහුය. එතුමෝ සිද්ධාර්ථ කුමාරව සිටි අවදියේ අසීමිත සැප සම්පත් වින්දාහ. නමුත් කම් සැප විඳීමේ අස්ථිර බව නොහොත් අනියත බව එතුමෝ නුවනින් (ප්‍රඥාව) දුටහ. එබැවින් සැප සම්පත් අලුයම ලු කෙලපිඩක් සේ සලකා එතුමෝ භව නිරෝධය පතා වන වැදුනාහ. එතුමෝ නිවන පතා කෙනෙකුට විඳීමට තබා සිතීමටවත් නොහැකි තරම් අප්රමාන දුක් වින්දාහ. අපමනවූ සැප විඳීමහෝ දුක් විඳීම අනර්ථවත් බව නුවණින් අවබෝධ කල එතුමෝ මැදුම් පිළිවෙත අනුගමනය කොට සියලු දුකින් මිදුනාවූ නිවන ප්‍රත්‍යක්ෂ කළහ. එසේ අසීමිත සැප සම්පත් හා අසීමිත දුක් විඳීමේ අතදැකීම තමාම අත්විඳි එතුමෝ නිර්වාණයේ සුවය තමා දකිමින්ම අන් අයටද එහි අගය දෙසනා කළහ. ඒ මග කියා දුන්හ. උන්වහන්සේ දෙසනා කල ඒ සදහම් මග අදද සන්දිට්ඨිකව හා අකාලිකව පවතින බැවින් ඕනෑම අයෙකුට නුවනින් විමසා බලා දැක ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ අවස්තාව ඇත. ඒ සඳහා තමා තුල විස්වාසය හා අවශ්‍ය තාවය තිබිය යුතුය. මේ සඳහා කල්‍යාණ මිත්‍ර ඇසුර අත්‍යවශ්‍යයි.
Monday, February 22, 2016
Wednesday, February 10, 2016
Subscribe to:
Posts (Atom)
