Wednesday, May 11, 2016

ත්‍රිලක්‍ෂණ

ත්‍රිලක්‍ෂණ
 අනිච්ච,දුක්ඛ, අනාත්ම, බුදු පියාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය පදනම ලෙස හැඳින්විය හැක්කේ මේ ත්‍රිලක්ෂණ ස්වභාවයයි.
අනිච්ච
යනු ඉච්ච ලෙස හෙවත් තමන් කැමති ලෙස පවතින්නේ නැත යන අදහසයි. 
නිවැරදි වචන වන්නේ  අනිත්‍ය නොව අනිච්ච යන්නයි . 
එහි අදහස වන්නේ තමන් කැමැති ලෙස ම පවතින්නේ නැත යන අදහසයි.
දුක්ඛ
 කැමති ලෙස නොපවතින විට ඇතිවන්නේ දුකක් මිස සැපක් සතුටක් නොවන බව පැහැදිලි නේද? සැප යනු මුලාවක් මිස පවතින ඇත්තක් නොවන බව නුවනින් විමසා බලන විට පැහැදිලි නොවන්නනේද? ලස්සන රුපයක් දෙස කොපමණ වෙලාවක් ආසාවෙන් බලාසිටිය හැකිද . සැලකියයුතු වෙලාවක් එක දිගට බලලා සිටිය හොත් එය එපානොවන්නේද ? සැප යන සියල්ලෙහි ඇත්තේ මේ අනිච්ච ලක්ෂණය වන අතර මෝහය නිසාම සැප ලෙස දකින බව පැහැදිලි නැද්ද?
බුදුන් වහන්සේ ලෝකයට දෙසනා කලේ  සසරේ දිගින් දිගට සැප විඳිමින් යන ධර්මතාවයක් ගැන නොව එයින්  ගැලවෙන මග පිළිබඳවයි
බුදු දහම අවශ්‍ය වන්නේ  සසරින් ගැලවීම අපේක්ෂා කරන අය ට මිස සැප විඳීමට ආශා කරන්නන්ට නොවන බව පැහැදිලිව දත යුතුයි 
අනත්ථ   
අනිච්ච වන නිසාම දුක්ඛ වන බැවින්  නිවනින් තොර වූ කල්හි  සත්වයා අනාථ  වනනිසා අවසාන ලක්ෂණය අනත්ථ ලෙස බුදුපියාණන් වහන්සේ දේශනා කල සේක.
අනාත්ම යන්නෙන් පැහැදිලි වන්නේ තමා කැමති ලෙස නොපවතින හා අනවරතයෙන්ම දුකම හිමකර දෙන ලක්ෂණය   ආත්ම''''' නොවන බවයි.

No comments:

Post a Comment